Sale!

හද සර

රු760.00

Description

හිමිවූවාට වඩා වෙන්වූ පේරමය සදාකාලික බව අසා තිබුනද එය එසේම බව වැටහෙන්නේ අප සිත්වලටද එය දැනෙන්නට පටන්ගත් කල්හීය.
”වෙන්වී ගියවුන් සදා පෙම්වතුන් ලෙස ජීවත් වෙති” ලූශන් බුලත්සිංහලයෝ ලියා තැබූහ.
මිනිස් සන්තානයේ හට ගන්නා සිතුවිලි වටහා ගැනීම ලෙහෙසි පහසු නොවේ. අපට දැනෙනා අයුරින් පමණක් ඒවාට අරුත් සැපයීම ද කළයුතු නොවේ. ඒ, එබඳු චිත්තවේග අඳුනන්නේ ඒවා හටගත් සිත්ම පමණක් බැවිනි.
අනුත්තර මේ කතාව මා සමග කීවේ ඔහුගේ සිත නිදහස් කර ගැනීමටද නැතහොත් කවි, ගී පදවල ලියැවුනු පේරමය සැබවින්ම පවතිනා බව ඇඟවීමටද කියා මට අදටත් තෝරා බේරා ගත නොහැකිය. ඉමන්දී ලිවීමට පොරොන්දු වූ නමුදු කිසිදා නොලියූ ඔවුන්ගේ කතාව ලියන්නැයි ඔහු නොකීවද ඒ ඉල්ලීම ඔහුගේ දෑසේ තිබූ බව නම් මා හොඳාකාරවම දුටුවෙමි.
නමත් ගමත් වෙනස් කර යම් සිදුවීම් කීපයක් පමණක් අතින් නිර්මාණය කරමින් මම ඔවුන්ගේ කතාව ලියූවෙමි.
ඉතින්… මේ ඔවුන්ගේ කතාවයි. නමත් ගමත් පමණක් මනඃකල්පිත වූ ”අනුත්තර – ඉමන්දී” කතාවයි. වෙන්වී ගිය තවත් සුවහසක් පෙම්වතුන්ගේ කතාවයි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.