Sale!

ලබැඳි සොයුරියෝ

රු1,400.00

Out of stock

Description

අංජලී සහ වසුධා කල්කටාවේ වංශවත් පවුලක ඥාති සොහොයුරියන් ලෙස උපදින්නේ ඔවුන්ගේ පියවරුන්ගේ ඛේදජනක මරණයන් ගැන ආරංචිය ලැබෙන දිනයේය. එතැන් පටන් ඔවුන් හැදී වැඩෙන්නේ තමන්ට අවශ්‍ය ආදරය, ගෞරවය, මිත‍්‍රත්වය හා උපදෙස් එකිනෙකාගෙන් ලබා ගනිමිනි. මේ අතර පියවරුන්ගේ මරණ ගැන යම් අබිරහසක් දැනගන්නා සුරූපී වසුධා දැඩි මානසික පීඩාවකට ලක්වී අංජලී වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඉටා ගනී.
යෝජිත විවාහයන්ගෙන් අංජලී ඇමරිකාවට ද වසුධා ප‍්‍රත්‍යන්ත නගරයකටත් යැවෙන්නේ වසුධා සිය සොයුරිය වෙනුවෙන් තම අකලංක පේ‍්‍රමය පරිත්‍යාග කරන අතරේය. වසුධා තම විවාහක නිවෙසේ කොතෙකුත් අකටයුතුකම් විඳ දරාගත්තත් සිය කුසෙහි වූ ස්ත‍්‍රී කළලය, නැන්දම්මා විසින් ගබ්සා කිරීමට තැත් කරද්දී ඊට විරුද්ධව නිවෙසින් පළායයි. අංජලීගේ කුසට ආ දරුවා අහිමි වන්නේ වසුධාව ඇමරිකාවට ගෙන්වා ගැනීමට මුදල් හොයන්නට වෙහෙස වී වැඩ කිරීම නිසාය. මේ ඛේදවාචක, කම්කටොලූ මැද ළබැඳි සොයුරියන් ජීවන අරගලයට මුහුණ දෙන්නේ නොබිඳෙන දිරියෙන් සමාජයේ හා පවුල්වල ආත්මාර්ථකාමී ගතානුගතික ආකල්ප හා විශ්වාස සිඳ බිඳලමිනි…

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.