Sale!

ඔසිරිස්ගේ රන් ආකරය

රු1,440.00

Out of stock

Description

අලෙවි වාර්තා තැබූ The Last Secret of the Temple කෘතියේ කර්තෘ Paul Sussman ගේ තවත් අගනා කෘතියක සිංහල පරිවර්තනය

ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදිනියක වූ රිව්කා ක්ලයින්බර්ග්ගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ජෙරුසලෙම් පොලීසියේ අරී ඛෙන්-රෝයිට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුනේ ජෙරුසලෙමේ ආමේනියම් මහ පල්ලියේදී ය. නිර්භීත ලෙස කරුණු හෙලිකිරීම නිසා ක්ලයින්බර්ග්ට ඉහළ බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම්, ඊශ්‍රායල රජයේ නිලධාරීන් සහ රුසියානු මාෆියාව ඒ අතර විය.
මතුව තිබූ බාධක මැද ඛෙන්-රෝයි ඔශුගේ පැරණි මිතුරකු වූ ලූක්ෂෝර් පොලීසියේ යූසුෆ් ඛලිෆාට දුරකථන ඇමතුමක් දී මෙම විමර්ෂණ සඳහා තමාට සහාය වෙන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඛේදජනක හදිසි අනතුරක් නිසා තම පුතු අහිමිවීමේ වේදනාවෙන් සිටියත් එයට සහායවීමට ඛලිෆා එකඟ විය. ක්ලයින්බර්ග් ඇයගේ මරණයට පෙර විමර්ෂණය කරමින් සිටි, 1930 දශකයේ සිදුවූ බි්‍රතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැන ද ඔහු තොරතුරු හඹා ගියේය. හෙරෝඩෝටස් විසින් සිය කෘතිවල සඳහන් කර තිබූ වංගගිරියක් වැනි ඛෙහෙවින් සංකීර්ණ රන් ආකාරයක් ඊජිප්තුවේදියා විසින් සොයාගෙන ඇතැයි සලකනු ලැබීය. එහෙත් එම රන් ආකාරය සහ ක්ලයින්බර්ග්ගේ මරණය අතර පවතින සම්බන්ධතාවය කුමක්ද? ඇයගේ මරණයට හේතුව ඇය නැගෙනහිර යුරෝපීය හා ආසියාතික රටවලින් පැහැරගෙන හා වංචනික ලෙස රැගෙන එන තරුණියන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ආකාරය හෙලිකර ගැනීමට දරන ලද ප්‍රයත්නයද?

ඔසිරිස්ගේ රන් ආකරය
පරිවර්තනය : එන්.පී. විජේරත්න
ආශිර්වාද ප්‍රකාශනයක්.

Additional information

Author

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.