Sale!

බ්‍රොන්ටේ සොයුරියෝ

රු760.00

Description

මෙතෙක් බිහිවූ වඩාත් පරචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ්රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව්ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්*, වදරින් හයිට්ස් (එමලි* සහ ඇග්නස් ගේර (ඈන්* ද අයත් වෙයි.
සමහරවිට හද කම්පාකරවන මෙම යොවුන්–වැඩිහිටි චරිතාපාදනයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත්වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින් මනාව ගවේෂණය කර ඇත.
මෙහි දැක්වෙන හැටකට අධික ඉතා වටිනා කළු සුදු සංරක්ෂිත ඡුායාරූප බ්රොන්ටේ රසිකයන් විස්මයට පත් කරවන ඒවාය. එමෙන්ම චාලට් ඇගේ මිතුරියන් සමඟ කළ ලිපි හුවමාරුව, හැවෝර්ත් හි පටු වටපිටාවෙන් බැහැරව ලබාගත් වඩාත් පුළුල් අත්දැකීම්, ඇගේ චරිතාපදානය ලියූ නවකතාකාරිය වන එලිසබෙත් ගෑස්කල් දැන හඳුනා ගැනීම ඇතුළුව ඇගේ පුද්ගලික තොරතුරු මෙහි වැඩි වශයෙන් නිරාවරණය කර ඇත.
19 වන සියවසේ කාන්තා ලේඛිකාවන් සඳහා වූ සන්දර්භය සහ බ්රොන්ටේ සහෝදරියන් අන්වර්ථ නාමයන් යටතේ පමණක් සිය කෘති පරකාශයට පත් කිරීමට හේතු වූ කරුණු ද මෙහිදී විමසා බැලෙයි. එමෙන්ම ඈන් සහ චාලට්, චාලට්ගේ පරකාශකයාට තම අනන්යතාව හෙළි කළ හමුවීම පිළිබඳ අපූරු විස්තරයක් ද, සහෝදරියන්ගේ නවකතාවල කෙටි, පරධාන සාරාංශ කීපයක් ද, සැබෑ ජීවිත අත්දැකීම් පරබන්ධයක් බවට පරිවර්තනය වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඉවහල්වෙන සාධක ද මෙයට ඇතුළත් ය. මෙම පොත නූතන පරබන්ධකරණයේ විශිෂ්ට පුරෝගාමීන්වූ බ්රොන්ටේ සහෝදරියන් දෙස හෙලන ආකර්ෂණීය බැල්මකි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…