Sale!

වැලි කතරේ සුසුම

රු210.00

Description

‘‘මට හමුවුණ, මම දන්නා හැම මිනිහෙක් ගැන ම මා තුළ වූයේ එක් ආශාවකි. එ් මගේ අත ඔසවා ඔහුගේ මුහුණ හරහා වේගවත් පහරක් එල්ල කිරීමය.’’

පිර්ඩවුස් නම් ගැහැනියගේ කතාව පටන් ගන්නේ එලෙසය. ඒ ඇය විඳින වේදනාවෙන් හා පීඩාවෙන් නිදහස් වීම සඳහා කයිරෝ හි බන්ධනාගාරයේ දී මුහුණ දීමට සිදුව ඇති මරණ දඬුවම අපේක්‍ෂාවෙන් සිටිය දී ය.

ඊජිප්තුවේ පිටිසර ගමක ගොවි පවුලක උපන් පිර්ඩවුස් ළමා අවධියේ සිට ම නොසලකා හැරීම හා කෲරත්වය නිසා පීඩා වින්දාය. ඉහළට ඉගෙන ගැනීම පිළිබඳ ඇය තුළ වූ ආශාව පවුලේ සාමාජිකයන් විසින් නොසලකා හරිනු ලැබීය. පාසල් දිවිය අවසන් වූ විගසම බෙහෙවින් වයසක තැනැත්තෙකු විවාහ කර ගැනීමට ඇයට බල කරනු ලැබිණ. භීෂණයෙන් පිරුණු විවාහ සම්බන්ධතාවයකින් පලා යාමෙන් පසුව ඇයට ෂරීපා හමු විය. මිනිසුන් ගැහැනියකගේ වටිනාකම නොදන්නා බව පවසමින් ෂරීපා ඇය ගණිකා වෘත්තියට පෙළඹවූවාය…. තමන් ඉහළ මිලක් ඉල්ලන විට තමන්ගේ වටිනාකම ඔවුන් වටහා ගන්නවා ඇතැයි පැවසින.

සුපිරි ගණිකාවක ලෙස සුඛෝපභෝගී දිවියක් ගෙවූව ද ඇය සමාජයට වෛර කරන්නට වූවාය…..

වනිතාවන් කෙරෙහි සමාජය දක්වන දරුණු භීෂණකාරීත්වය සම්බන්ධව සාධවී කළ අධිචෝදනා අදටත් දෝංකාරය දේ. මෙම සම්භාව්‍ය නව කතාව ලොව පුරා වෙසෙන ලක්‍ෂ ගණනකගේ සම්භාවනාවට පාත‍්‍ර විය.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.