Description
ජාති ආගම් පසෙක ළා ආදරයෙන් බැඳෙන පලස්තීන ජාතික ඇලීනා සහ යුදෙව් ජාතික ජැක්, උග්ර ඉස්ලාම් අන්තවාදියෙක් වන ඇලීනාගේ පියාගේ විරෝධය නොතකා ජැක්ගේ නිවහන වන චිකාගෝ නුවරට පලායති. තම පවුලෙන් පිටමන් කරන ලද ඇලීනා නැවත පලස්තීනය බලා යන්නේ අසනීපයෙන් පසුවන තම මව රැකබලාගැනීම සඳහා ය. නැවත චිකාගෝ බලා පැමිණෙන්නේ චිකාගෝ වෙතින් නිරෝගී සුවයෙන් පිටත්ව ගිය ඇලීනා නොව බරපතල ලෙස රෝගාතුර වුණු ඇලීනා කෙනෙකි. දින කිහිපයක් තුළ රෝගය උත්සන්න වීමෙන් ඇලීනා මියයන්නේ සිඟිති දියණියක සමග ජැක් මෙලොව තනි කරමිනි. ඇලීගේ මරණයෙන් පසු අතුරුදහන් වන සිඟිති සොෆී සොයා කරන මෙහෙයුමකදී ඇලීනාගේ මරණයට හේතුව මෙන්ම තවත් බොහෝ අපරාධ හෙළිකර ගත හැකි වෙයි.
Reviews
There are no reviews yet.