Sale!

වධක භූමි

රු320.00

Out of stock

Description

එක් අරුණු උදාවක ඉරාකයේ බැග්ඩෑඞ් නුවර වැසි මුස්තාපා අලි නොමාන් නම් ඇදුරු කෙනෙකු තම සේවා ස්ථානය වන උසස් පාඨශාලාව අසලදී අත් අඩංගුවට ගැනෙයි. එතැන් සිට ඊළඟ මාස පහළොව තිස්සේ යමපල්ලන්ගේ දෙතිස් වධයට ලක්වන හෙතෙම…. ඔහු අත වරද ඇතුවා හෝ නැතුවා මුස්තාෆා අලිගේ පරම උත්සාහය වන්නේ ‘‘මා මේ දකින්නේ සිහිනයක්ද නැද්දැයි’’ යන්න තේරුම් බේරුම් කර ගැනීමටය. මහ්මුද් සයීඞ්ගේ අති ප‍්‍රබල යථාර්ථවාදී අඛ්‍යාන රටාව අපට සිහිගන්වන්නේ ප‍්‍රාන්ස් කෆ්කා, සොල්ෂෙනිට්සින් හා එලී වීස්ල්ගේ ප‍්‍රකාශන ෂානරයේ වත්පොහොසත්කමයි. සදාම් හුසේන්ගේ මිනීමරු ගැස්ටාපෝවේ කුරිරු දත් තිස් දෙකට මැදිවන කඩමාල්ලක්…
1938 දී ඉරාකයේ මොසුල්හිදී උපත ලද මහ්මුද් සයීඞ් වසර තුනක රැුකියා තහනකමට ලක්ව දේශපාලන චෝදනා මත සිරගත කෙරෙයි. 1985 දී එක්සත් ආරබි එමීරේට්ස් රාජධානියෙහි දේශපාලන රැුකවරණය ලබමින් පසුවෙයි. අරාබි බසින් ග‍්‍රන්ථකරණයෙහි නියැලෙන මහ්මුද් සයීඞ් සාහිත්‍ය සම්මාන රැුසකට උරුමකම් කියන්නෙකි.

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.