Sale!

ෂින්ඩ්ලර් ගේ දරුවෝ

රු300.00

Out of stock

Description

ෂින්ඩ්ල්ර් ගේ දරුවෝ
ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Schindler’s list සිනමා පටයේ සිටි චරිත පදනම් කරගත් සත්‍ය කතාවකි
පරිවර්තනය : සුධාරි බස්නායක
ආශිර්වාද ප්‍රකාශනයක්….
‘යුද්ධය’ විසින් මිනිස් ගත පමණක් නොව මුළු ආත්මයම සුන්නද්ධූලිකොට දමයි. යුද්ධය නිසා යමෙකු තම දිවි ගලවා ගතහොත්, ඔහුට හෝ ඇයට එතුළින් ලද අමිහිරි මතකයන් ඊයම්බරු මෙන් තම හදවත තුළට කිඳා බසී. දෙවන ලෝක යුද්ධයට මුහුණදී තම දිවි ගලවාගත්තවුන් හටද ඇත්තේ සදා නොමැකෙන අමිහිරි මතකයන් ජාලාවකි.
ජර්මනියේ ‘ඇඩොල්ෆ් හිට්ලර්’ නම් නට්සි පාලකයා හට අවශ්‍ය වූයේ ලෝකය පුරාම යුදගිනි අවුලුවා ජර්මනිය මුළු ලෝකයේම ‘බලවත් රාජ්‍යය’ බවට පත්කරලීමටය. එයින් වඩාත්ම බැටකෑවෝ නම් ‘යුදෙව් ජාතිකයන්ය.’
මෙහි එන ‘ද බෝයි ඔන් ද වූඞ්න් බොක්ස්’ නවකතාවේ කතෘ වන ‘ලියොන් ලීසන්’ ද යුදෙව් ජාතිකයෙකි. පෝලන්තයේ උපන් ඔහුත් ඔහුගේ මුළු පවුලත් යුද්ධය නිසා අනේක පීඩා වින්දෝ වූවෝය.
යුද්ධයෙන් දිවි ගලවාගත් නමුත් තමන්ට මුහුණදෙන්නට සිදුවූ අමිහිරි මතකයන් අලලා රචිත මෙම ‘සත්‍ය කතාව’ ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ඔස්ටේ්‍රලියාව ආදී රටවල් බොහෝමයක තරුණ පාඨකයන් බොහෝ රුචිකත්වයෙන් කියවූ ග්‍රන්ථයකි.
ඉතාමත්ම ජනාදරයට පත්වූ මෙම නවකතාව සිනමා ඉතිහාසයේ මහා පෙරලියක් කළ දැවැන්තයා වූ ‘ස්ටීවන් ස්පිල්බර්ග ්’ විසින් ‘ෂින්ඞ්ලස්ට් ලිස්ට්’ නමින් පුළුල් තිරයට ගෙනා නිසා මෙහි ජනප්‍රියත්වය තව තවත් වැඩි විය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.