Sale!

උරුමයක රැඳි ශාපය

රු1,800.00

Description

ඇය සතුව සියල්ල තිබිණි. රූමත්කම.
නම්බු නාමයක්. උරුමයක්.
එමෙන්ම, ඒ සියල්ල විනාශ කළ හැකි රහසක්.
හරිත වර්ණ නෙතු සඟළක හිමිකාරිය කැරලයින් ටේරසිඩර් සුන්දර දිවියක්, අපූරු අනාගතයක් හිමි අයෙකි-. එහෙත්, එසේ වන්නේ බොහෝ වැදගත් උත්සවයක් වෙන වික්ටෝරියා රැජනගේ රන් ජුබිලිය දින වෙනතුරු පමණි. කැරලයින් ඇගේ මව සහ මවගේ කඩවසම් මිතුරා ආකර්ෂණීය කැප්ටන් කාමයිකල් සමග අති විශිෂ්ට රාජකීය පෙළපාලිය මහත් උද්යෝගයෙන් නරඹයි. පසු දිනෙක ඕ තම පියා හමුවේ නොසැලකිලිමත් ලෙස, නොසිතා එක් වරටම හෙළි කරන රහසක කොටස්කාරියක් බවට පත්වන්නීය.
එතැන් පටන් කිසිවක් පෙර පරිදි නොවේ. කැරලයින්, එසේ වන්නේ මන්දැයි නොදැන, තම දීප්තිමත් අනාගතය බොඳව යනු බලා සිටියි. කැරලයින් සත්යය සොයාගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුව, තමන්ව ලන්ඩන් සමාජයේ විභූතියේ සිට කෝන්වෝල්හි වනගත මුඩුබිම් දක්වාම ගෙන යන ගවේෂණයක් අරඹයි. එම සෙවීම, ඇයව ඇගේ විලිබර, සොබමන් සොයුරියට එරෙහිව සේම දයාවක් නොමැති වික්ටෝරියානු සමාජයට එරෙහිව සටන් කිරීමට යොමු කරවයි. එම වික්රමය ඇයව සිය අතීතයේ සිරකරුවකු වෙන අඳුරු, ගුප්ත පෝල් ලෑන්ඩෝවර්ගේ දෝතට තල්ලු කරයි. ඇගේ සිහින කුමරු අබිරහස් ඝාතනයකට වරදකරුද?
*************
උරුමයක රැඳි ශාපය
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්
පිටු 608
මිල රු.2250/=

Additional information

Author

Publisher

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.