Ashirwada logo

Ashirwada Publishers

Cart0

Cart preview

Your cart is empty. Start exploring our catalogue!

TotalLKR 0
View cart
Back to catalogue
Kalu Opal Muduwa

Availability

Out of stock

Products

Kalu Opal Muduwa

Koshalee Sirichandra

Price
20% offLKR 2,100LKR 1,680
Quantity
1

Currently out of stock

මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්න ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.

එංගලන්තයෙන් ඕස්ටේ‍්‍රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප‍්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප‍්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණගැසෙන දැන් තරුණයකු වී සිටින පැරණි මිතුරකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?

Publisher

Ashirwada Publishers

Category

Translations